Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Monday 20 June 2016

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත් හිරවෙච්ච ටෙක්නිකල් අවුල් ලිහාගත්තු හැටි එව්වා මෙව්වා ලියන්න..

එහෙම පටන් අරන් ලියන් ඇවිත් 2008 විතර හිච්චා කාලේ අක්කෙක් ගැන ඒක පාර්ශ්වික පෙම් කවි ලියලා, (මතක් වෙද්දි ලැජ්ජයි ඈ.. :P) ඔහොම ඉද්දි 2010දි  රටක් රාජ්‍යක් හම්බුනා වගේ ඒලෙවල් කෙමිස්ටි පංතියෙන් කුලුදුලේම ආදරේ කියලා කටක් ඇරලා කියන්න පුලුවන් ආදරේ හම්බුනාම  ඒ අදරේ ගැන කවි, එයා මට ලියපු  කවි  දදා ඉදලා, කැම්පස්,උසස් අධ්‍යාපනේ මුල් කාලේ කාලයක් මේක ඇතැරලත් ඉදලා,ඊළගට අපේ ආදරේ ගැන අකුරක් නෑරම මේකේ ලියලා, අන්තිමට කොහෙවත් යන අතක් පාතක් නැති කෙනෙක්ගේ කෙලමක් නිසා ඒ ආදරේ නැති වෙද්දි විරහව ගැන,ජීවිතේ ගැන ලියලා අද අයේ ටෙක්නිකල් දේවල් ගැන ලියනවා..ආදරේ ජීවිතේ ලොකුම තැන අරන් වෙන් වෙද්දි ඇතිවෙච්ච හිස් තැන මකන්න ආවේ සුපරුදු ටෙක්නිකල් දේවලුයි කදුලුයි විතරමයි නිසා, කදුලු මගේ ලග තියන් අපි කථාකරමු ආයේ ටෙක්නිකල් දේවල්…
මොකද අදරෙත් හරියට වීදුරුවක් වගේ,නැතිවෙන්න යද්දි අමාරුවෙන් එක අතකින් හරි අල්ලනොගත්තොත් වැටිලා කුඩු වෙලා යනවා..හැබැයි ගානට වඩා හිරට තදට අල්ලන් ඉන්න හැදුවොත් අතේම කුඩුවෙලා අතයි විදුරුවයි දෙකම තුවල වෙනවා.. ඉතිං ආදරේ කරෙ ඇත්තටම නම් උරුමෙටයි දෛවෙටයි වාසනවටයි උත්සහයටයි ඒ ප්‍රශ්න බාරදීලා අයේ ටෙක්නිකල් දේවල්ගැන කථා කරන්න හිතුවේ ජිවත් වෙන ටික කාලෙට අපි අනිත් මිනිස්සු වෙනුවෙන් පුංචි හරි දෙයක් කරන්න ඕනේ නිසා..ඒ දේවල් ගැන දවසක සතුටු වෙන්න පුලුවන් නිසා…
ඇති ඉතිං..තවත් ඕවා කථා කලොත් මේකත් රොමැන්ටික් පොස්ට් එකක් වෙනවා…දැං බහිමු කෙලින්ම මාතෘකාවට.

ළගදි දකුණු කොරියාවේ ඉදපු එලකිරි බොක්කේ යාලුවෙක් ආයේ ආවා මෙහේ.මිනිහා එද්දි දෙයියනේ කියලා ඒ රටේ ගොඩගහලා තිබ්බ පරණ කුණු ගොඩවල් ,ඒ කිව්වේ කොරියන් ෆොන්ස් ගෙනල්ලා කිලෝ 20ක්ම.මිනිහට ෆ්ලයිට් එකේ ගෙන්න දෙන කිලෝ 20ටම ගෙනත් තියෙන්නේ පොර කොරියන් ෆොන්ස්. මිනිහා විකුණන්න හිතන් ගෙනල්ලා මෙහේ ඔන් කරලා බලද්දි සමහර ඒවා 4G only supported. තව ඒවා GSM only..තව ඒවා CDMA carries 4G… සමහර ඒවාගේ auto mode eke තිබ්බා.හැබැයි ටවර් එක යට ඉද්දි WCDMA SIGNAL එනවා.එ‍හෙ මෙහෙ උන ගමන් GSM වලට මාරු වෙනවා…ඉතින් අද කථා කරන්නේ මේ ලෙඩේ ගොඩ දාපු හැටි.ලංකාවේ ගොඩක් අය LG samsung වගේ ඒවාගේ korean variants පාවිච්චි කරන නිසා වැදගත් වෙයි කියලා හිතනවා ඉතිං..


මුලින්ම අපි ලග තියන korean  variant වල model no එක දැනගෙන ඉන්න ඕනෙ..   අපි හිතමු දැං අපි ලග තියෙන්නෙ F320S model එක කියලා.

දැං අපි dialer එක open කරලා

  • 5457#*320# විදිහට dial කරන්න.

මෙතන 320 විදිහට තියෙන්නෙ model number එක.ඔයාලග තියෙන්න korean variant  එක වෙන model එකක් එකෙ model no එක type කරන්න. පහල විදිහෙ diagnosis  screen  එකක් ඒවි WCDMA SERVICE MENU කියලා.

මේකෙන් WCDMA Channel select කරන්න.
එතකොට  මේ පහල තියනවා වගේ Menu එකක් එ්වී.

මේකෙන් Full කියන එක select කරලා Back කරන්න.
සමහර model වලදි select   කරපු ගමන් restart වේවි.එහෙම උනොත් ආපහු code එක ගහලා මෙතන්නට එන්න. ඇවිත් මෙතනින් WCDMA SECURITY කියන එක select කරන්න. 



එකෙන්  integrity mode , Ciphering mode දෙක විතරක් tick කරලා back කරලා WCDMA SERVICE  menu එකට එන්න.ඇවිත් band selection කියන එක select කරන්න.ඒක ඇතුලට ආවම පහල වගේ screen එකක් පෙනේවි.


මෙතනදි ඔයා පාවිච්චි කරන මොබයිල් සර්විස් ප්‍රොවයිඩර්, එහෙම නැත්නම් අපේ කනෙක්ෂන් එකේ Operating frequencies දැන ගෙන ඉන්න ඕනේ වෙනවා. අන්න ඒ frequencies වෙන වෙනම LTE,WCDMA,GSM වලට  select කරලා දෙන්න. මෙතනදි තියන හැම එකම tick කරාමත් වැඩ කරනවා උනාට,එහෙම කලොත් තේරේවි,Network operations වලදි phone එක පුදුම විදිහට slow, lags එක්ක run වෙන්නේ කියලා.ඒ හන්දා මෙතනදී හරියට manual frequencies set කරන එක phone එකේ performance වලට ගොඩක් වැදගත්.

Dialog වලට නම් frequencies මෙහෙම set කරන්න.
GSM (2G) 850Mhz
WCDMA (3.5G/3.75G)  2100Mhz
LTE(4G) 1800Mhz

තව මතක තියගන්න ඕනේ දෙයක් තමා Korean Variants  වලදි UMTS(3G) ජාල පාවිච්චි කරන්න බෑ. ඒක අවුලක් වෙන්නේ නෑ.දැං ලංකාවේ 1%වත් UMTS (384Kbps) use කරන්නේ නෑනේ.. Mbps වලින්  network speed කියන කාලේ මොන UMTS ද නේද... :D
(පුද්ගලික මතය නම් මේ වගේ සෙල්ලම් දාන්න, dynamic apn (access point) වලින් mms ගන්න වගේ සෙල්ලම් දාන්න තරම් හොද මට්ටමේ network infrastructure එකක් තියෙන්නේ ලංකාවේ නම් Dialog ලග විතරයි කියන එක.)

  දැං ආපහු WCDMA SERVICE menu එකට ඇවිත් එකෙන් RAT MODE එහෙම නැත්නම් Network Mode කියලා තියන option එක select කරන්න.එතකොට පහල වගේ screen එකක් ඒවි.


මේකෙන් WCDMA ONLY කියලා select කරන්න.කරපු ගමන් phone එක restart වේවි. දැං බලන්න. ඔයාගේ phone එකේ settings වලට සාමන්‍ය phone එකක වගේ network mode option එක ඇවිත් ඇති.

ඒ වගේම ඩොටේ හිටියත් WCDMA connection එකත් තියේවි..

ප්‍රශ්න තියනවානම් පහල comment එකක් දාන්න.උදව් කරන්නම් දන්න Models වලට.
ජපානෙන් එන NEC phone වලට මෙික කරන්න යන්න එපා.මොකද lock code එක ඉල්ලනවා.ඉල්ලද්දි දුන්නේ නැත්නම් දෙතුන් පාර අහ අහ ඉන්නේ නෑ.Bootloader එක lock වෙනවා.
  • ඊළග දවසේ කථා කරමු මේවාගේ Over heat warning එක නවත්තන්නේ කොහොමද කියලා. මොකද කොරියාවේ මේවා හදලා තියෙන්නේ 12C -25C වල වැඩකරන්න. ඒත් සමහර දවස් වලට අපේ රටේ උෂ්ණත්වේ 35C පැනලනේ. On කරපු ගමන් Over heat warning එක එනවා.අපි ඊළග දවසේ බලමු ඒකට මොනවද කරන්න පුලුවන් කියලා.




0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න